කටුනායක හා සීදුව බල ප්‍රදේශ වල පැය 18 ක ජල කප්පාදුවක් | දිනමිණ

කටුනායක හා සීදුව බල ප්‍රදේශ වල පැය 18 ක ජල කප්පාදුවක්

ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (20) පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන පරිදි කැලණි ගඟ දකුණු ඉවුරේ ජල ව්‍යාපෘතියේ නළ පද්ධතියේ වැඩි දියුණු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි

ඒ අනුව ජා-ඇල, ඒකල, කඳාන, ආනියකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවළපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිය, දික්ඕවිට, උස්වැටිකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය

නව අදහස දක්වන්න