විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ | දිනමිණ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

 කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(20) පෙරවරුවේ පැවැත්විමට නියමිතය.
 
පෙරවරු 11.00 ට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති දුරකතන හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.
 
එසේම මෙම මස සඳහා අවසන් පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙන අතර අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
 
අද පෙරවරුවේදී ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති මුදල් ප්‍රතිපාදන ලබා ගැනිම සඳහා වූ අතුරු සම්මත ගිණුමට අදාල විවාදය පැවැත්විමට සැලසුම් කර තිබේ.
 
අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව ලබන මස 03 වන දින දක්වා කල්තැබීමට නියමිත අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාර්තු මස 02 වන දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ.

නව අදහස දක්වන්න