අකුරැස්ස විදුහලට පින්ලන්ත සිංහ සමාජයේ දූත පිරිසක් ඇවිත්... | දිනමිණ


 

අකුරැස්ස විදුහලට පින්ලන්ත සිංහ සමාජයේ දූත පිරිසක් ඇවිත්...

අකුරැස්ස සිංහ සමාජයේ ෆින් සිසු දිරිය - මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන 2006 වසරේදී ආරම්භ වූයේ පින්ලන්ත සිංහ සමාජයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ව්‍යාපෘතියක් ලෙසින් අකුරැස්ස සිංහ සමාජය හා අත්වැල් බැඳගෙනය. සිසු දරු දැරියන් 06 දෙනෙකුගෙන් 2006 වසරේදී ඇරඹුණු මාපිය කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන අති සාර්ථක අයුරින් පවත්වාගෙන යනු ලබන අතර අද වන විට සිසු දරු දැරියන් 51 දෙනෙකු මේ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් තම අධ්‍යාපන කටයුතු මැනවින් හදාරමින් සිටිති.

05 වෙනි ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් මේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාසිකව ආධාර සපයනු ලැබේ. මාපිය කැපකරු දරුවන් තෝරාගනු ලබන්නේ මවුපියන් දෙදෙනාම අහිමි හෝ ඉන් එක් අයෙකු අහිමි දිළිඳු පවුල්වල දරුවන්ය. අකුරැස්ස සිංහ සමාජය විසින් මේ දරුවන් වෙනුවෙන් නොමිලයේ විශේෂ ඉංග්‍රීසි , සංගීතය වැනි විෂයයන් පිළිබඳ පන්ති පවත්වාගෙන යනු ලබන අතර වාර්ෂික විනෝද මෙන්ම අධ්‍යාපනික චාරිකා සංවිධානය කරනු ලබයි.

සෑම වසරකම පින්ලන්ත සිංහ සමාජයේ දූත පිරිසක් ශ්‍රීලංකාවට පැමිණෙමින් තම මාපිය කැපකරු ශිෂ්‍යත්වලාභී දරුවන් පිළිබඳව සොයා බලමින් ඔවුන්ගේ දක්ෂතාවයන් අගයමින් ඔවුන් හා පිළිසඳරේ යෙදෙති. ඔවුන් වෙනුවෙන් තෑගි බෝගද පිරිනමනු ලබති. තවද එම දරු දැරියන්ගේ අවශ්‍යතා ගැනද සොයා බලන්නේ දැඩි සෙනෙහසින් යුතුවය.ඒ අනුව ඉකුත් 23 වෙනි දින මාර/ අකුරැස්ස මහා විදුහල වෙත පැමිණි පින්ලන්ත සිංහ සමාජයේ දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ මාපිය කැපකරු ශිෂ්‍යත්වලාභී දරු දැරියන් විසිනි. මේ එහි අවස්ථා කිහිපයකි.

  විජිත සල්ගාදු

අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න