විදුලිබලය නිපදවන ජලාශ කළාපවලට වැසි පතා පිංකමක් | දිනමිණ

විදුලිබලය නිපදවන ජලාශ කළාපවලට වැසි පතා පිංකමක්

විදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශ කළාපවලට වැසි අපේක්ෂාවෙන් වසර ගණනක් තිස්සේ වාර්ෂිකව අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පැවැත්වෙන පිංකම් මාලාව අද(12) හා හෙට(13) දිනයන්හි දී සිදු කෙරෙන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරයි.
 
පවතින දැඩි නියගය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය සැළකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ. මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතියහොත් ජලාශ ආශ්‍රිතව සිදු කෙරෙන ජලවිදුලි බල උත්පාදනය මුළුමනින්ම ඇණ හිටින තත්ත්වයකට පත්විය හැකි බව විදුලි බල මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ. 
 
කාලගුණ අනාවැකි අනුව දැනට පවතින මෙම නියගය අප්‍රේල් මාසය අවසන් වන තෙක් පවතිනු ඇතැයි උපකල්පනය කර තිබේ. එමනිසා  විදුලිබලය උත්පාදනය කෙරෙන ජලාශ කළාපවලට වැසි අපේක්ෂාවෙන් වසර ගණනක් තිස්සේ වාර්ෂිකව අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පැවැත්වෙන පිංකම් මාලාව අද හා හෙට දිනයන්හි දී පැවැත්වීමට කටයුතු කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ. 
 
මෙම පිකම් මාලාව යටතේ විදුලිබලය උත්පාදනය කරන සියලුම ජලාශවලින් ලබා ගන්නා ජලය ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම අද (12) පස්වරුවේ සිදු කෙරේ. එමෙන්ම හෙට (13) හිමිදිරි උදාසන ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඩ සිටින පුද බිමේ සතර වාහල්කඩ අබියස කිරි ඉතිරවීමේ මංගල්‍යය ද පැවැත්වේ.
 
 
 
 

නව අදහස දක්වන්න