Business Today ශ්‍රේණිගත කිරීමේදී පීපල්ස් ලීසිං පළමු සමාගම් 30 අතරට | දිනමිණ

Business Today ශ්‍රේණිගත කිරීමේදී පීපල්ස් ලීසිං පළමු සමාගම් 30 අතරට

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, වාර්ෂික Business Today Top 30 – 2018/19 ශ්‍රේණිගත සමාගම් අතරට එක්වෙමින් පසුගිය දා සම්මානයට පාත‍්‍ර විය. Business Today Top 30 – 2018/19 මෙරට දැවැන්ත සමාගම් ශ්‍රේණිගත කිරීම් ප‍්‍රකාශයට පත් කිරීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු අතර, මෙවර පීපල්ස් ලීසිං සමාගම එම ශ්‍රේණිගත කිරීමෙහි 13වැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

Business Today Top 30 – 2018/19 ශ්‍රේණිගත කිරීම් සම්මානය පිළිගැනීමට පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යධිකාරි සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගි වූහ. දිවයිනේ විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං සමාගමෙහි වර්ධනය මේ ඉහළ ශ්‍රේණිගත කිරීම මගින් මනාව පිළිබිඹු වේ. 2018/ 19 මූල්‍ය වර්ෂය තුළ සමාගම විසින් දක්වා ඇති මූල්‍ය කාර්යය සාධනය මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප‍්‍රසිද්ධ කරන ලද එක් එක් සමාගම්වල තොරතුරු පදනම් වෙමින් මේ ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත. කොටස් පිරිවැටුම, ආදායම, බදු ගෙවීමෙන් පසු ලාභය, ප‍්‍රාග්ධන මත ඉපැයුම, කොටසක ඉපැයුම, වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය, කොටස් හුවමාරු වටිනාකම හා එකතු කළ වටිනාකම් වැනි සාධක මේ ශ්‍රේණිගතය සඳහා සලකා බලන ලද නිර්නායක වේ.

 

නව අදහස දක්වන්න