කණුගල්ල ගම්මානයේ තරුණයන්ගේ හොඳ වැඩක් | දිනමිණ

කණුගල්ල ගම්මානයේ තරුණයන්ගේ හොඳ වැඩක්

නිවෙස්වලට වී සිටින තම ගම්වාසීන් වෙනුවෙන් ගමේ ඇති ගස්වල කොස් සහ පොළොස් කඩා, මදුළු ගලවා, පාර්සල්ද කර ඒවා ගම්වැසියන් අතර බෙදාදීමේ අපූරු කර්තව්‍යයකට ඇහැළියගොඩ ප්‍රාදේශීය සභා සීමාවේ, බටහිර කරඳන ග්‍රාමසේවා වසමට අයත් කණුගල්ල ගම්මානයේ තරුණයෝ පිරිසක් උරදුන්හ.

කොස් සහ පොළොස් ආහාරයට ගැනීම ඉතා උචිත බවට මාධ්‍ය මඟින් උපදෙස් දුන්නද ඒවා කඩාගැනීමේ අපහසුවෙන් මෙන්ම, නිවෙස් අසලට භාණ්ඩ ලොරි පැමිණියද ඒවායේ භාණ්ඩ මිලට ගැනීමට ආර්ථික අපහසුකමින් පෙළෙමින් සිටි ගම්වාසීන් හට මෙම තරුණයන් විසින් සිදුකළ මෙම අපූරු පරිත්‍යාගය මහත් සහනයක් විය.

ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

නව අදහස දක්වන්න