හජ් වන්දනා සමය පස්සට දමයි | දිනමිණ

හජ් වන්දනා සමය පස්සට දමයි

කොරොනා වෛරස් වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අවිනිශ්චිත තත්ත්වය මත හජ් වන්දනා සඳහා වෙන් කිරීම් තාවකාලිකව පස්සට දමන ලෙස සවුදි අරාබිය වන්දනාකරුවන්ට දැනුම් දී තිබේ. එරට හජ් ඇමැති මොහොමඩ් බැන්ටන් පවසා ඇත්තේ තම රට වන්දනාකරුවන්ගේ ආරක්ෂාව ගැන කල්පනා කරන බැවින් තම ගමන් බිමන් සැලැසුම් කිරීම කල් දමන ලෙස ඉල්ලා සිටින බවයි.

ජූලි සහ අගෝස්තු මස වාර්ෂිකව මිලියන දෙකකට වැඩි පිරිසක් හජ් වන්දනා වෙනුවෙන් මක්කම සහ මෙදීනා වෙත පැමිණෙති. තවත් අඩුවෙන් වන්දනාවේ යෙදෙන උම්රා වෙත සිදු කෙරෙන වන්දනා, වෛරස් පැතිරීමේ තර්ජනය නිසා සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබේ. මක්කමට සහ මදීනා වෙත පුද්ගලයින් ඇතුළු වීම ද තහනම් කර තිබේ. මේ නගරවල පැය 24ක ඇඳිරි නීතිය ද පනවා තිබේ.

 

නව අදහස දක්වන්න