අමෙරිකාවේ මිලියන 6.6ක් විරැකියාවෙන් පෙළෙයි | දිනමිණ

අමෙරිකාවේ මිලියන 6.6ක් විරැකියාවෙන් පෙළෙයි

කොරෝනා වසංගතය උග්‍ර වීම හේතුවෙන් ආර්ථිකය අර්බුදයට ලක් වීම නිසා අමෙරිකාවේ මිලියන 6.6කට වැඩි පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව වාර්තාවේ. එරට කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මාර්තු 28 වැනිදා වන විට මිලියන 6.6ක් විරැකියා දීමනාවට ඉල්ලුම් කර ඇත. එය ඊට කළින් සතියට වඩා දෙගුණයක වර්ධනයකි.

අමෙරිකාවේ මේ වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 236,000ක් වන අතර මරණ සංඛ්‍යාව 5,600ක් දක්වා වැඩිවීමත් සමඟ මෙසේ විරැකියා ප්‍රතිශතය ඉහළ ගොස් ඇත. මේ වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරකම් පාලනයකට යාමට සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. එරට විරැකියා අනුපාතය සියයට 15ක් දක්වා ඉහළ යාහැකි බවට පුරෝකථනය කර තිබේ.

 

නව අදහස දක්වන්න