ලොව පුරා කොරෝනා මරණ 95,000 ඉක්මවයි | දිනමිණ

ලොව පුරා කොරෝනා මරණ 95,000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් වාර්තා වෙයි.

ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇත.

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය, අද වනවිට ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින් අතිධාවනකාරී වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතියි.

එහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ, යුරෝපා කලාපයට සහ උතුරු අමෙරිකානු මහද්වීපය වෙතයි.

නව අදහස දක්වන්න