‘අම්ෆන්’ බංගලාදේශය ඉන්දියාව කළඹවයි | දිනමිණ

‘අම්ෆන්’ බංගලාදේශය ඉන්දියාව කළඹවයි

බෙංගාල බොක්කේ ඇති වෙමින් පවතින අම්ෆන් සුළි කුණාටුවට මුහුණ දීම සඳහා බංගලාදේශයේ සහ ඉන්දියාවේ මිලියන ගණන් ජනතාව වෙරලාශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දියාවේ සහන කණ්ඩායම් 20ක් පමණ සේවයේ යොදවා තවත් කණ්ඩායම් රැසක් සීරුවෙන් තබා ඇතැයි බලධාරීහු පවසති. කොරෝනා වසංගතය නිසා මේ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට අපහසු වී ඇතැයි ද පැවැසේ.

"අපට මේ ජනතාව ඉවත් කිරීමට ඇත්තේ පැය 6ක් තරම් සුළු කාලයක්. අප සමාජ දුරස්ථභාවය ද රැකිය යුතුයි" යැයි ඉන්දීය ආපදා කළමනාකරන නිලධාරියකු වන එස්. ජී. රායි මාධ්‍ය වෙත පවසා ඇත. අම්ෆන් දශක ගණනාවක් ඇතුළත ඇති වූ විශාලතම කුණාටුවක් යැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. එයින් පැයට කිලෝ මීටර් 185ක තරමේ සුළං ඇති විය හැකි යැයි ද ඔවුහු වැඩිදුරටත් පවසති.

නව අදහස දක්වන්න