පිස්තෝලයක් සමඟ අයෙක් අත්තිඩියේ දී අත්අඩංගුවට | දිනමිණ


 

පිස්තෝලයක් සමඟ අයෙක් අත්තිඩියේ දී අත්අඩංගුවට

රක්ෂණ ශ්‍රියන්ත

මැගසිනයක් සහ උණ්ඩ 04කුත් හමුවේ

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මැගසිනයක් සහ උණ්ඩ 04ක් සමඟ සැකකරුවකු ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය බෝසෙවණ ප්‍රදේශයේ දී පෙරේදා (23) ගල්ගිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 69ක් වූ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ඊයේ (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

නව අදහස දක්වන්න