දකුණු කොරියාවේ විවෘත කළ පාසල් 200ක් යළි වසා දමයි | දිනමිණ

දකුණු කොරියාවේ විවෘත කළ පාසල් 200ක් යළි වසා දමයි

දකුණු කොරියාවේ විවෘත කළ පාසල් 200කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා තර්ජනය හේතුවෙන් දින කිහිපයක් ඇතුළත නැවත වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. බුචියොන් නගරයේ පිහිටි රටේ විශාලතම බෙදාහැරීම් සමාගමක සේවකයින්ගේ සපත්තු සහ ඇඳුම් අතර තිබී සෞඛ්‍ය බලධාරීන්ට කොවිඩ් -19 වයිරසය හමු වී ඇත. මේ නිසා අවට පිහිටි පාසල් 251කට රෝගය පැතිරෙතැයි බියෙන් විවෘත කළ සැනින්ම පාසල් වසා දැමීමට මෙසේ පියවර ගෙන ඇත.

තවත් පාසල් සිය ගණනක් විවෘත කිරීම කල්දමා ඇත. කෞපෑන්ග් හි ඉහත කී සමාගමේ ගබඩාවේ සේවය කළ කාන්තාවකගේ දරුවා පාසලේ දී පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහුට ද කොරෝනා රෝගය වැළැඳී ඇතැයි සොයාගෙන ඇත. සෞඛ්‍ය බලධාරීහු සමාජ දුරස්ථීකරණ නීති තවදුරටත් ශක්තිමත් කොට තවත් සති දෙකකට නිරෝධායනය නියම කර තිබේ. බොහෝ සමාජ දුරස්ථීකරණ නීතීන් ස්වේච්ඡාවෙන් ගත යුතුව ඇතැයි ද දන්වා තිබේ.

 

නව අදහස දක්වන්න