සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි | දිනමිණ

සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 62කි. ඒ අතරින් 26 දෙනෙකුම කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි. සෙසු පිරිස අතරින් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර 8 දෙනෙකු කුවේට්හි සිටත්, තිදෙනෙකු මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණි අයයි.
 
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන ‍1620 දක්වා ඉහළ ගොස් ඇත.
 
ඒ අතරින් 801 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. 809 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

නව අදහස දක්වන්න