තොඩුවාවට ගල් වැටි... | දිනමිණ

තොඩුවාවට ගල් වැටි...

පසුගිය දින කිහිපය තුළ පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේ ඇති වූ රළු ස්වභාවය හේතුවෙන් උග්‍ර ඛාදනයට ලක් වූ හලාවත තොඩුවාව වෙරළ තීරය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කඩිනමින් ඛාදනය වැළැක්වීමට පියවර ගැනීම සම්බන්ධව ප්‍රදේශයේ ජනතාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රසාදය පළ කරති.

මෙම වෙරළ තීරයේ කැඩී යෑමේ තර්ජනයට ලක්වූ නිවාස පහළොවක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකිවූ බවද ජනතාව පෙන්වා දෙති.

එම වෙරළ තීරයේ උතුරු දෙසට මීටර් 600කට වැඩිදුර ප්‍රමාණයක් උග්‍ර ලෙස ඛාදනයට ලක් වී ඇත. මේ හේතුවෙන් ඉදිකර ඇති නිවාස පහළොවක් පමණ කැඩී යෑමේ තර්ජනයට ලක්වූ අතර සැඩ සුළඟ හා ඛාදනය හේතුවෙන් තාවකාලිකව ඉදිකිරීම් කිහිපයක් ද විනාශ විය. පොල් ගස් රැසක් ද මුහුදට බිලිවී තිබේ.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

නව අදහස දක්වන්න