IT Gallery කොවිඩ්-19 වැළැක්වීමට කටුනායක ගුවන්තොටට සහාය වෙයි | දිනමිණ


 

IT Gallery කොවිඩ්-19 වැළැක්වීමට කටුනායක ගුවන්තොටට සහාය වෙයි

IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයන් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගිය දා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, බණ්ඩාරනායක ගුවන් තොටුපොළ සභාපතිවරයාගේ කාර්යාලයේ දී මේ පරිත්‍යාගය සිදු කෙරිණි. පරිත්‍යාගයෙන් අනතුරුව, IT Gallery කණ්ඩායම විසින් එම කැමරාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ Premier Gateway පර්යන්තයෙහි ස්ථාපනය කිරීමෙන් ක්‍රියාවලිය අවසන් කරන ලදි.

මේ පරිත්‍යාගය තුළින් COVID 19 වැළැක්වීමේ ප්‍රයත්නයන් සඳහා දායකවීමට IT Gallery අපේක්ෂා කරන අතර, මේ උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාව ඔස්සේ, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයන් හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට ගුවන් තොටුපොළ බලධාරීන්ට හැකියාව සැලසේ.

 

නව අදහස දක්වන්න