ගුවන් හමුදා සේවා වනිතා ඒකකයයෙන් ආදිවාසී පවුල් සදහා වියළි සලාක | දිනමිණ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයයෙන් ආදිවාසී පවුල් සදහා වියළි සලාක

ගුවන්  හමුදා  සේවා  වනිතා ඒකකය මගින් සංවිධාන කරනු ලැබු විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා(09)  මහියංගනය,  දඹාන  ආදිවාසී ගම්මානයේදී පැවැත්විණ.  
 
මෙහිදි පවතින කොවිඩි -19 වතාවරණය හමුවේ පිඩාවට පත් ප්‍රදේශයේ ජීවත්වන ආදිවාසී පවුල් 150 ක් සදහා වියළි සලාක මලූ පරිත්‍යාග  කරනු  ලැබීය‍.
 
ගුවන්  හමුදාධිපති  එයාර්  මාර්ෂල්  සුමංගල  ඩයස්  මහතාගේ මගපෙන්විම  සහ  සේවා  වනිතා  ඒකකයේ  සභාපතිනි  මයුරි  ප්‍රභාවි ඩයස් මහත්මියගේ අධික්ෂණය  යටතේ මෙය සිදු කෙරුණි.   
 
අම්පාර  ගුවන්  හමුදා  කදවුරේ අණදෙන  නිළධාරිතුමන්  විසින්  මෙම  වැඩසටහන  සම්බන්ධිකරණය කරනු ලැබිය.  මෙම  අවස්ථාව  සදහා  ආදිවාසි  නායක  විශ්වකිර්ති,  වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගිවිය.

නව අදහස දක්වන්න