කොරෝනාවෙන් පිරිමින් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළට | දිනමිණ

කොරෝනාවෙන් පිරිමින් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළට

ලොව පුරා කොරෝනා ආසාදිත කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළිව තිබේ.
 
ඉතාලියේ, චීනයේ සහ එක්සත් ජනපදයේ පිරිමින් වැඩි වශයෙන් වෛරසයට ආසාදනය වී ඇති අතර පිරිමින්ගෙන් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
නමුත් ඉන්දියාවේ පමණක් එම තත්ත්වය වෙනස් මුහුණුවරක් ගනියි. එහි සිදු කළ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ පිරිමින් බහුතරයකට වෛරසය ආසාදන ඇති වුවද, පිරිමින්ට වඩා කාන්තාවන් වෛරසයෙන් මියයාමේ අවදානම වැඩි බවයි.
 
ජෝන් හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ වෛරස් ආසාදනෙවල ලිංගික වෙනස්කම් අධ්‍යයනය කරන විද්‍යාඥයෙකු වන සබ්රා ක්ලයින් පවසන්නේ “පිරිමියෙකු වීම කොරෝනා වයිරසයට වයස්ගත වීම තරම්ම අවදානම් සාධකයක්” බවයි.

නව අදහස දක්වන්න