ඩීමෝ Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය වෙළෙඳපොළට | දිනමිණ

ඩීමෝ Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය වෙළෙඳපොළට

Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගිය දා නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කරන ලදි. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් කරමින් පවතී. මුල්ම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන කලම්බු ලොජිස්ටික්ස් වෙත පසුගිය දා භාර දෙන ලදි.

මේ අවස්ථාවට කලම්බු ලොජිස්ටික්ස් හි සමූහ උපදේශක, විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි පී. ගාල්ලගේ, කලම්බු පොර්ට් සර්විස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලසන්ත සොයිසා, ඩීමෝ හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ, ඩීමෝ හි සමූහ විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ අසංග රණසිංහ, ඩීමෝ හි Mercedes-Benz ප්‍රධානී රජීව් පණ්ඩිතගේ හා ඩීමෝ හි (Mercedes-Benz වෙළෙඳ වාහන අංශයේ) ව්‍යාපාර ඒකක කළමනාකරු ශමල් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න