ඉරානයේ වෛද්‍ය සායනයක ගෑස් කාන්දුවකින් 19ක් ජීවිතක්ෂයට | දිනමිණ


 

ඉරානයේ වෛද්‍ය සායනයක ගෑස් කාන්දුවකින් 19ක් ජීවිතක්ෂයට

ඉරානයේ උතුරු ටෙහෙරාන් නගරයේ වෛද්‍ය සායනයක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙන බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත. 
 
මිය ගිය පිරිස අතර කාන්තාවන් 15ක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වේ. එසේම ගිනි නිවන භටයන් විසින් අනතුරට පත් 20 දෙනෙකු බේරාගෙන තිබේ. 
 
මෙම පිපිරීමත් සමග අදාළ ප්‍රදේශයේ දැඩි දුමාරයක් පවතින බව ඉරාන බළධාරීන් පවසයි.
 
අනතුරට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුමට බාධා කරමින් ඒ අවට ජනතාව අදාළ ස්ථානයට පැමිණ ඇති බව බලධාරීහු පවසති.

නව අදහස දක්වන්න