කොකේන් ග්‍රෑම් 774ක් ළඟ තබා ගත් නයිජීරියානුවාට මරණ දඬුවම | දිනමිණ

කොකේන් ග්‍රෑම් 774ක් ළඟ තබා ගත් නයිජීරියානුවාට මරණ දඬුවම

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 774ක් සන්තකයේ තබාගත් බවට වරදකරු වූ නයිජීරියානු ජාතිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (03) මරණීය දණ්ඩනය නියම කළේය. නයිජීරියානු ජාතිකයකු වූ ඔස්ටින් එම්මානුවෙල් (40) නමැති විත්තිකරුට එසේ මරණීය දණ්ඩනය නියම කෙරිණි.කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින බවට ලද ඔත්තුවක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන මේ විත්තිකරුට එරෙහිව කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

පැමිණිල්ල විසින් අදාළ චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බව තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.

කුමුදු හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න