මෙසීගෙන් ගෝල් 700ක් | දිනමිණ

මෙසීගෙන් ගෝල් 700ක්

ආජෙන්ටිනාවෙන් බිහි වූ විශිෂ්ට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සිය තරග දිවියේ 700 වැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන මේ සුපිරි ක්‍රීඩකයා ස්පාඤ්ඤ පාපන්දු ලීග් තරගාවලිය යටතේ පසුගියදා ඇටලෙටිකෝ මැඩ්රිඩ් පිලට එරෙහිව දඬුවම් පහරක් මගින් ගෝලයක් එල්ල කරමින් මේ විස්මිත වාර්තාව තැබුවේය.

ස්පාඤ්ඤ පාපන්දු තරග බිමේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කිරිමේ වාර්තාවත් උසුලන මෙසී එතෙක් මෙතෙක් ගෝල 700 කඩඉම පසු කළ 7 වැනි ක්‍රීඩකයා ද වේ. ඊට පෙර චෙක් රාජ්‍ය පිලට සහ ඔස්ට්‍රියා පිලට ක්‍රීඩා කළ ජෝසෆ් බිකන් ගෝල 805ක් රැස් කර ඇති අතර, බ්‍රසීලයේ රොමාරියෝ ගෝල 772ක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පේලේ සිය තරග දිවියේ දී ගෝල 767ක් රැස් කළ අතර, හංගේරියානු ක්‍රීඩක ෆෙරෙන්ස් පුස්කාස් ගෝල 746ක් ද, ජර්මානු ක්‍රීඩක ජර්ඩ් මුලර් ගෝල 735ක් ද රැස් කිරීමට සමත්වූහ. මෙසීගේ ජනප්‍රිය ප්‍රතිවාදී ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ රැස් කළ ගෝල සංඛ්‍යාව ද 700කි.

නව අදහස දක්වන්න