ගේබ්‍රියල් සංචිතයට කැඳවයි | දිනමිණ


 

ගේබ්‍රියල් සංචිතයට කැඳවයි

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ටෙස්ට් තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් කැඳවා තිබේ.

ගේබ්‍රියෙල් පසුගිය වසරේ වළලුකර සැත්කමකට භාජනය වූ අතර, සැප්තැම්බර් මාසයේ සිට පළමු පන්තියේ තරග ක්‍රීඩා කර නැත. එහෙත් මැන්චෙස්ටර්හි පැවැති පුහුණු තරග දෙකේදී ලකුණු 122කට කඩුලු 8ක් දවා ගනිමින් දස්කම් දැක්වීමට ඔහු සමත් විය. “ෂැනන් ටෙස්ට් සංචිතයට එක් කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඔහු දක්ෂතා සහ සූදානම් බව පෙන්වා දී ඇති අතර, ඔහු පන්දු යැවීමේ කණ්ඩායමට අත්දැකීම්, බලය සහ ශක්තිය එක් කරනු ඇති.” බටහිර ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී රොජර් හාපර් පවසයි.

ටෙස්ට් තරග 45කට ක්‍රීඩා කර ඇති 32 හැවිරිදි ගේබ්‍රියල් කඩුලු 133ක් බිඳ දැමීමට සමත්ව තිබේ.

නව අදහස දක්වන්න