දැක්මක් නැති සජිත් එජාපය දෙකඩ කළා | දිනමිණ


 

දැක්මක් නැති සජිත් එජාපය දෙකඩ කළා

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අමල් රුද්‍රිගු

සජිත් ප්‍රේමදාස මහතා දැක්මක් නැති නායකයකු බව ඔප්පු කරමින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළ බව ගම්පහ දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අමල් රුද්‍රිගු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මම උපන් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. රනිල් වික්‍රමසිංහ මහතා උගත්, බුද්ධිමත්, ඉවසිලිවන්ත නායකයෙක්. ඒ මහතාට එජාපයේ නායකත්වය ලබා දෙන්න කෙනකු සිටියේ නෑ. ඒ නිසයි ඒ මහතා මේ නායකත්වය ගෙන මෙතරම් කාලයක් එජාප ඉදිරියට ගෙන ගියේ. ඒ මහතා මැතිවරණ කිහිපයක්ම පැරදුණා. නමුත් සැඟවුණේ නෑ. සජිත් ප්‍රේමදාස මහතා එක මැතිවරණයයි පැරදුණේ. සොයා ගන්නවත් නෑ. මෙවර මැතිවරණයෙන් පසුව ඒ මහතාගේ අනාගතය විසඳෙයි. සිරිකොතේ සිටි නායකයකුට යළි සිරිකොත අල්ලන්න දෙයක් නෑ. ඒ අය අල්ලන්න යන්න ඕනේ අරලියගහ මැදුර නැත්නම් පාර්ලිමේන්තුව. එය දිනන්න බැරි බව දැනගෙන සිරිකොත අල්ලන්න යනවා කියන එක සජිත් මහතාගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්.

 

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න