නාවික හමුදාවේ දෙදෙනෙකු සුවය ලබයි | දිනමිණ


 

නාවික හමුදාවේ දෙදෙනෙකු සුවය ලබයි

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 879කි.
 
මේ අතර මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2069ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනාත් සමඟයි.
 
මැඩගස්කරයේ සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සහ මාලදිවයින සිට පැමිණ පූනානි නිරෝධාය මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

නව අදහස දක්වන්න