චීන බැඩ්මින්ටන් තරුව විශ්‍රාම යයි | දිනමිණ

චීන බැඩ්මින්ටන් තරුව විශ්‍රාම යයි

දෙවතාවක් ඔලිම්පික් පදක්කම් දිනු චීනයේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක ලින් ඩෑන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කළේය. මෑත කාලයේ බැඩ්මින්ටන් තරග බිමේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන ලින් ඩෑන් වසර 2008 බීජිං ඔලිම්පික් උලෙ‍ළේ සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් දිනූ අතර, කොවිඩ් වසංගත තත්ත්වය මත කල් දැමූ නිසා මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහගාගි වීමේ අවස්ථාව මඟ හැරී ගියේය.

ලෝක බැඩ්මින්ටන් තරග බිමේ ඒකල තරග 666ක් දිනා ඇති මේ 36 හැවිරිදි ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගනිද්දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 19 වැනි ස්ථානයේ පසු විය. කෙසේ වුවත් මෑත කාලයේදී විවිධ ආබාධවලට ලක් වීම නිසා ඔහුගේ දස්කම් තරමක් පහළ මට්ටමකට වැටී තිබිණි.

‘සුපර් ඩෑන්’ සුරතල් නාමයෙන් හඳුන්වන ලින් ඩෑන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේ සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කිරීමට කාලය එළැඹ ඇති බව පවසමිනි.

නව අදහස දක්වන්න