ඉතියෝපියාවේ සිටි 230දෙනෙක් ශ්‍රී ලංකාවට | දිනමිණ

ඉතියෝපියාවේ සිටි 230දෙනෙක් ශ්‍රී ලංකාවට

 අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 
 
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතියෝපියාව අවට රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වන අතර , ඔවුන් විශේෂ ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ අඩිස් අබාබා නුවර වෙත කැඳවා තිබේ.
 
ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස අද (06) අලුයම 3.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබිණි .
 
ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පීසීආර් පරීක්ෂණ සදහා යොමුකර ඇත.

නව අදහස දක්වන්න