සුවය ලැබු සමස්තය 1,917ක් වෙයි | දිනමිණ

සුවය ලැබු සමස්තය 1,917ක් වෙයි

අද (06) දින උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1,917ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඊයේ(05) මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව  2076 දක්වා ඉහළ ගොස් ඇත.
 
ඒ අනුව ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත බවට හඳුනා ගනු ලැබුවේ, බහරේන් සිට මෙරට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකි.
 
එසේම කොරෝනා ආසාදිතයින් ගණන 148 ක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

නව අදහස දක්වන්න