ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි | දිනමිණ

ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

අද (06) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබූ ලෝක ප්‍රකට ටජ්මහල ස්මාරකය තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇත.  
 
දිනෙන් දින ඉහළ යන ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන් වේ. 
 
අග්‍රා හි ප්‍රාන්ත රජය එය යළි විවෘත කරන දිනය නිශ්චිතව දැක්වීමකින් තොරව ඒ පිළිබඳ නව දැනුම්දීමක් සිදුකර තිබේ. 
 
ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස ද සැලකෙයි.
 
ඉන්දියාවේ කොරෝනා වයිරස් ආසාදනය මාස තුනක් තුළ මේවන විට වේගයෙන් ඉහළ යමින් පවතී.
 
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ සදහන් කර ඇත්තේ එක් දිනක් තුළ නව රෝගීන් 24,850 ක් සහ මරණ 600 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. එමඟින් ඉන්දියාවේ සමස්ත සංඛ්‍යාව ආසාදිතයින් ගණන 673,165 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ගෝලීය වශයෙන් තුන්වන ස්ථානයට පත්ව ඇත.

නව අදහස දක්වන්න