කන්දකුලියෙන් ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 829 ගෙනාවේ ඉන්දියාවෙන් ද? | දිනමිණ


 

කන්දකුලියෙන් ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝ 829 ගෙනාවේ ඉන්දියාවෙන් ද?

මුහුදු කූඩැල්ලන් තොගයක් නීති විරෝධී ලෙස ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු කල්පිටිය කන්දකුලිය කුඩාව පාරේදී අත්අඩංගුවට ගැනීමට පෙරේදා (13) නාවික හමුදා සෙබළුන් පිරිසක් සමත් වී ඇත. අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන්, ලොරි රථය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට භාර දී ඇත.

මෙහිදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 829ක් මලු 14ක අසුරා තිබී ඇති අතර මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ලංකාවට ගෙන්වා ඇතැයි පොලීසිය සැක කරයි. අත්අඩංගුවට පත් වන විට කොළඹ හෝ වෙනත් ප්‍රදේශයකට විකිණීමට රැගෙන යමින් තිබී ඇත.

සැකකරුවන් දෙදෙනෙක් පල්ලිවාසල්තුරයේ පදිංචිකරුවන් වන අතර‍ එක් අයෙක් කල්පිටිය නගරයේ පදිංචිකරුවෙක් බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත. මුහුදු කූඩැල්ලන් තොගයත් ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයත් සමඟ සැකකරුවන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

 

 

ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු - පුත්තලම සමූහ

නව අදහස දක්වන්න