පොහොට්ටුව සමඟ කිසි විටක එක් වන්නේ නැහැ | දිනමිණ

පොහොට්ටුව සමඟ කිසි විටක එක් වන්නේ නැහැ

එජාප නායක රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කිසිම බලවේගයක් සමග ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තම පක්ෂයට අවශ්‍ය තනි ආණ්ඩුවක් පිහිටුවීම බවත් පොහොට්ටුවට හෝ වෙනත් අයට ආණ්ඩු පිහිටුවීමට කිසි විටකත් උදව් නොකරන බවත් සඳහන් කරන වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව යහපාලන ආණ්ඩුව පිහිටුවන විට එක්සත් ජාතික පක්ෂය එපා යැයි ඉවත්ව ගිය අය පිහිටුවාගත් පොහාට්ටුව සමග කිසිවිටකත් එකතු නොවන බව අවධාරණය කළේය. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක මැතිවරණ අපේක්ෂක රුවන් ලියනගුණවර්ධන මහතා සංවිධානය කළ ඊයේ (13) හවස ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක මැතිවරණ අපේක්ෂක රුවන් ලියනගුණවර්ධන මහතා සංවිධානය කළ ඊයේ(13) හවස රත්මලානදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.. 

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න