ඉන්දියාව ඩිජිටල් කරන්න ඩොලර් බිලියන 10ක් | දිනමිණ

ඉන්දියාව ඩිජිටල් කරන්න ඩොලර් බිලියන 10ක්

ඉන්දියාව ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට ඩොලර් බිලියන 10ක් ආයෝජනය කරන බව තාක්ෂණික දැවැන්තයකු වන ගූගල් සමාගම පවසයි. ඉදිරි වසර පහත්, හතත් අතර මේ ආයෝජනය සිදු කරනු ඇත. කොටස් ආයෝජනය, හවුල්කාරකම්, මෙහෙයුම්, යටිතල පහසුකම් සහ පරිසර පද්ධති ආයෝජනයට මේ මුදල් යොදවනු ඇතැයි ද ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකය අරඹයා ඉන්දියාව සම්බන්ධව පැහැදිලි අනාගතයක් ඇතැයි මෙයින් පෙන්නුම් කරන බව ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පවසා ඇත. ඉන්දියාවේ ඩිජිටල් අනාගතයට වැදගත් වන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ මේ ආයෝජනය සිදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් කීවේය.

 

 

නව අදහස දක්වන්න