'ටික්ටොක්' අලෙවියෙන් කොටසක් ට්‍රම්ප් ඉල්ලයි | දිනමිණ


 

'ටික්ටොක්' අලෙවියෙන් කොටසක් ට්‍රම්ප් ඉල්ලයි

ටික්ටොක් අන්තර්ජාල සමාගමේ අමෙරිකාවේ ව්‍යාපාර කොටස් අමෙරිකානු සමාගමක් මිලදී ගතහොත් එහි අලෙවියෙන් ප්‍රතිශතයක් අමෙරිකානු රජයට හිමි විය යුතු බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානියා සමඟ සති අන්තයේ පැවැති දුරකථන සංවාදයේ දී මේ ගැන සාකච්ඡා කළ බව ට්‍රම්ප් කීවේය.

සැප්තැම්බර් 15 වැනිදා වනවිට එකඟතාවක් ඇති කර ගත නොහැකි වුවහොත් මේ ගනුදෙනුව අවලංගු කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කීවේය. චීනයේ බයිටර්න් ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් අමෙරිකාවේ තහනම් කිරීමට ට්‍රම්ප් සූදානමින් සිටියි. ටික්ටොක් සහ අනිත් සමාගම් චීන රජයට තොරතුරු ලබාදෙන බවට අමෙරිකාව චෝදනා කරයි.

 

නව අදහස දක්වන්න