නිවැරැදි දැක්මකින්, සුබ අනාගතයකට ජනතාව පෙළ ගැසිය යුතුයි | දිනමිණ

නිවැරැදි දැක්මකින්, සුබ අනාගතයකට ජනතාව පෙළ ගැසිය යුතුයි

හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

නිවැරැදි දැක්මකින් හොඳ අනාගතයක් කරා යෑමට ජනතාව දැන් පෙළ ගැසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර ජය ලැබූ හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව, වැලිකන්ද, අරලගන්විල, ඇළහැර ප්‍රදේශවල පැවති රැස්වීම්වලදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ නිවැරැදි දැක්මක්, හොඳ දර්ශනයක් තිබෙනවා. විවිධ අභියෝග මැද තමයි මා මේ ගමන ගියේ. ඒවා කඩාකප්පල් කරන්න කාටවත් බෑ. පොලොන්නරුව කියන්නේ කෘෂිකාර්මික ප්‍රදේශයක්. ඒ වගේම සංචාරක ප්‍රදේශයක්. මේවා දියුණු කරන්න මා කටයුතු කරනවා. ස්වයංරැකියා, ඇඟලුම් කර්මාන්ත, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කර තරුණ තරුණියන්ට රැකියා ලබා දෙනවා. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් මේ රටට සාමය උදා කර සමෘද්ධිමත් රටක් නිර්මාණය කළා. ඒ තත්ත්වය නැවත ඇති කරන්න කටයුතු කරනවා. මා කිසිම දිනෙක ජනතාව අමතක කරන්නේ නෑ. ජනතාව මට ලබා දුන් ඡන්දය නිසා තමයි මා අද ජයග්‍රහණය කළේ. ඒ නිසා ඔබ සැම දෙනාගේම අවශ්‍යතා ඉටු කරනවා. මට ඡන්දය දුන් සැම දෙනාටම ස්තූතිය පළ කරනවා.

 ඇම්. පී. සරත් - පොලොන්නරුව දිසා සමූහ

නව අදහස දක්වන්න