රුසියාවේ කොරෝනා එන්නතට රටවල් 20කින් බිලියනයක ඉල්ලුමක් | දිනමිණ

රුසියාවේ කොරෝනා එන්නතට රටවල් 20කින් බිලියනයක ඉල්ලුමක්

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් මේ වන විට සොයා ගෙන තිබෙන එන්නතට ලොව රටවල් 20කින් බිලියනක පමණ ඇනවුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
1957 දී සෝවියට් සංගමය විසින් ලොව ප්‍රථම චන්දිකාව දියත් කිරීම තරම්ම විශිෂ්ට ක්‍රියාවක් වන හෙයින් මෙම එන්නතට ස්පුට්නික් V ලෙස නම් තබා ඇත. 
 
රුසියාවේ ගමාලියා ආයතන විසින් මෙම එන්නත නිපදවා අත්හදා බලා ඇත.
 
එය සාර්ථක බවට ජනාධිපති ව්ලදිමීර් පූටින් විසින්ම සහතිකයක් දී තිබෙන්නේ ''මම දන්නවා එය සාර්ථක බව මොකද මගේ දියණියකට එන්නත ලබා දී තිබෙන්නේ'' යනුවෙන් පවසමින්ය.
 
ඒ අනුව මේ වන විටත් එම එන්නත ලියාපදිංචි කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි. 

නව අදහස දක්වන්න