වැසි තත්ත්වයේ අඩුවීමක් | දිනමිණ


 

වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.
 
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නව අදහස දක්වන්න