ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර මුද්‍රාව ගැන ජනපතිගෙන් ට්විටර් සටහනක් | දිනමිණ

ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර මුද්‍රාව ගැන ජනපතිගෙන් ට්විටර් සටහනක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ සාර්ථකත්වයට ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් පසුගියදා සංචාරය සදහා ආරක්‍ෂිත රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම හේතු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සදහන් කරයි. 
 
එමගින් කොවිඩ් 19 බලපෑම් අවම කරගැනීම සදහා විශාල රුකුලක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජනාධිපතිතුමා ට්විටර් සටහනක් තබමින් පෙන්වා දෙයි. 
 
විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ආරක්ෂිත තත්වයක් මේ වන විට ගොඩනැගී ඇති බව සහතික කරමින් ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට “ආරක්ෂිත සංචාරක මුද්‍රාවක්” පසුගියදා පිරිනමා තිබේ.
 
එය පිරිනමා ඇත්තේ ලෝක චාරිකා සහ සංචාරක කවුන්සිලයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්‍රොටකෝලයට අනුකූලව බව වාර්තාවේ.
 
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති ඉතා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම සහතිකය ශ්‍රී ලංකාවට හිමි ව ඇත. ඒ අනුව වසංගතය මධ්‍යයේ වුවද සංචාරය කිරීමට වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයින් අතර විශ්වාසය තහවුරු කර තිබේ.
 
තවද, සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ස්ථාන, ව්‍යාපාර හා අවශ්‍ය වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව දැනුවත් කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳවද සහතිකයක් නිකුත් කෙරෙන බවද සඳහන්වේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න