එච්එස්බීසී බැංකුව ලොව පුරා ඩොලර් මිලියන ගණන් මුදල් විශුද්ධිකරණයේ යෙදෙන්නන්ට පහසුකම් සපයලා | දිනමිණ

එච්එස්බීසී බැංකුව ලොව පුරා ඩොලර් මිලියන ගණන් මුදල් විශුද්ධිකරණයේ යෙදෙන්නන්ට පහසුකම් සපයලා

අන්තර්ජාතික බැංකුවක් වන එච්එස්බීසී බැංකුව ලොව පුරා ඩොලර් මිලියන ගණන් මුදල් විශුද්ධීකරණයේ යෙදෙන්නන්ට පහසුකම් සපයා ඇති බව අනාවරණය වී ඇතැයි බීබීසී වාර්තා කරයි. w

බ්‍රිතාන්‍යයේ විශාල බැංකු 2013 සහ 2014 දී අමෙරිකාවේ තම ව්‍යාපාරවල මුදල් හොංකොංහි පිහිටි එච්එස්බීසී බැංකු ගිණුම්වලට මාරුකර ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියයි.

ඩොලර් මිලියන 80ක මුදලක් මේ ආකාරයෙන් වංචනිකව භාවිත කළ ආකාරය දැක්වෙන “සැක කටයුතු ක්‍රියාකාරකම් වාර්තාවක්“ නිකුත් වී ඇති අතර එය ෆින්සෙන් ලිපිගොනුව ලෙස නම් කර තිබේ. මෙවැනි ක්‍රියාකාරකම් වාර්තා කිරීමේ වගකීම තමන් දරන බව එච්එස්බීසී පවසා ඇත.

 

නව අදහස දක්වන්න