හෙරලියාවල යුද හමුදා ක්‍රීඩාංගණය විවෘත කරයි | දිනමිණ

හෙරලියාවල යුද හමුදා ක්‍රීඩාංගණය විවෘත කරයි

කුරුණෑගල හෙරලියාවල පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව ක්‍රීඩාංගණය විවෘත කිරීම යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) මහා සංඝරත්නයේ සෙත් පිරිත් ගායනා මධ්‍යයේ සිදු කෙරිණි. මෙහි දී  යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් යුද හමුදාපතිතුමන්ව හරසරින් යුතුව පිළිගනු ලැබීණි.

එහිදී යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර ශිල්වා මහතා සමරු ඵලකය නිරාවරණය කළ අයුරු හා ආචාර පෙළපාළිය සඳහා සහභාගි වූ අයුරුයි මේ.

 විරාජ් බණ්ඩාර - කුරුණෑගල

නව අදහස දක්වන්න