20 අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් | දිනමිණ

20 අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක්

ශිරෝමි අබයසිංහ
කුමුදු හෙට්ටිආරච්චි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් හයක් ඉදිරිපත් කර තිබේ.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළ බව වාර්තා වෙයි. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතිකකර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවයි. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින් ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න