වැසිකිලි වලට යොදා තිබුණු කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිමෙන් දැරියක් මිය යයි | දිනමිණ

වැසිකිලි වලට යොදා තිබුණු කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිමෙන් දැරියක් මිය යයි

නිවසේ මිදුල අතුගාමින් සිටි 14 හැවිරිදි දැරියක් නිවසේ වැසිකිලි වලට යොදා තිබුණු කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිමෙන් රෝහල් ගත කිරිමටත් පෙර එහි විෂ වායුව අග්‍රහණය විමෙන් මිය යෑමේ සිද්ධීයක් ඊයේ (27 ) උදෑසන මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. 
 
මෙම ශෝචනිය සිද්ධියෙන් මිය ගියේ මාවනැල්ල මාවාන වසමට අයත් ගනේතැන්න උදයමාවතේ පදිංචි කෑ/මාව/ගනේතැන්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්.එම්.සෙනුරි චතුරිකා දැරියයි. 
 
ඇය ගැහුණු දරුවන් තිදෙනෙක් සහිත පවුලක වැඩිමහල් දැරියයි. 
 
ඉරිදා දිනයක් වු එම දිනයේ නිවසේ උදෑසන මිදුල අතුගාමින් සිටි මෙම දියණිය වැසිකිලි වල අසල අතුගාමින් සිටින අතරවාරයේ එම කොන්ක්‍රීට් තට්ටුව මත පවිත්‍ර කිරිමේ කටයුතු කරන විට එකවරම එම කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටි වැසිකිලි වලට වැටි ඇත. 
 
වැසිකිලි වලට ඇද වැටිමෙන් පසුව ප්‍රදේශවාසින් කිහිප දෙනෙක්ම ඇය ගොඩගැනිමට උත්සාහ කර ඇති අතර එම උත්සාහය ව්‍යාප්ත වි ඇත්තේ වැසිකිලි වලෙහි විෂ අග්‍රහණය විම හේතුවෙන්ය
 
පසුව දියණියගේ පියා විසින් ඇය වැසිකිලි වලෙන් ගොඩට ගන්නා අවස්ථාව වන විටත් එම දියණිය මියගොස් සිටි බව මාවනැල්ල පොලිසිය කියයි.
 
එකවටම කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිමෙන් පසුව ඇය වැසිකිලි වලට ඇද වැටිමෙන් පසුව අම්මා මාව ගොඩට ගන්න යැයි  කිහිප වතාවක්ම ඇය පවසා ඇති අතර ඒ වන විටත් සිහි මුර්ජා වෙමින් සිටි දියණියගේ ජිවිතය බේරා ගැනිමට නොහැකි වු බව ඇයගේ මව විසින් හඩා වැටෙමින් පවසයි. 

නව අදහස දක්වන්න