රෝයල් පාර්ක් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි | දිනමිණ

රෝයල් පාර්ක් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි

රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබාසිට ජනාධිපති සමාව යටතේ නිදහස් වූ ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැත්තාට පොදු සමාව ප්‍රදානය කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස 19 වන දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස‍ ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළේය.

එවකට ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති පොදු සමාව යටතේ ශ්‍රමන්ත ජයමාන්න යන අයට නිදහස ලබාදී තිබිණ.

කාන්තා මාධ්‍ය සංවිධානය විසින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

එම පෙත්සම අද (28) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීම සිදුවිය.

නව අදහස දක්වන්න