ආයෝජන වැඩි කිරීමට පියවර රැසක් | දිනමිණ

ආයෝජන වැඩි කිරීමට පියවර රැසක්

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

මෙම වසරේ ගෙවුණු මාස 09තුළ ඩොලර් බිලියන1.5ක ආයෝජන අනුමත කර තිබේ. 2020 වසර සඳහා වන ආයෝජන මණ්ඩලයේ ඉලක්කය ඩොලර් බිලියන 2.25කි. එසේවුව COVID-19 වසංගතය ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති අවස්ථාවේ රටක් ලෙස මෙවැනි ආයෝජන මට්ටමක පැවතීම කැපී පෙනෙන කරුණක් බව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මාධ්‍යවෙත පවසයි.

“දේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර පුළුල් කිරීමට කටයුතු කිරීම පුදුම සහගතයි. දියුණු ආර්ථිකයන් ඇති රටවල වුව ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් හැකිලෙමින් පවතින අවස්ථාවක දේශීය ආයෝජකයින් වර්තමාන ලෝක වෙළෙඳපොළේ ඇති අවස්ථාවන් වෙත ප්‍රවේශවෙමින් සිටීම පැසසියයුතු කරුණක් ලෙසින් මොහොට්ටාල මහතා පවසා තිබේ.

ඉදිරි වසර දෙක තුළ විදේශ ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා වන මූලික අවශ්‍යතා දැනටමත් සකස් වෙමින් පවතින බවත්, එමෙන්ම නව ආයෝජන ආරම්භ කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කෙරෙමින් පවතින බවත්,

රටකට සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලපාන සාධක කීපයක් පිළිබඳවද හෙතෙම අවධාරණය කරයි.ස්ථාවර රජයක්, ස්ථාවර ප්‍රතිපත්ති, නිසි නෛතික රාමුවක් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් , ස්ථාවර හා ශක්තිමත් රජයක් දැනටමත් ස්ථාපිත කර ඇති අතර වර්තමානයට සරිලන පරිදි අනෙකුත් අංශ යාවත්කාලීන කළ යුතු බවටද සංජය මොහොටිටාල මහතා පවසා අත.

ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද අපි අවධානය යොමු කරනබවත් පවසා ඇති අතර, එරාවූර් රෙදි උද්‍යානය අපගේ සැලකිය යුතු මුලපිරීමක් වන අතර එමඟින් විශාල විදේශ විනිමය ඉතිරියක් රටට ගෙන එනු ඇතැයි අපේක්ෂා කරයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් පිටත රබර් මත පදනම් වූ නිෂ්පාදන කලාපයක් ස්ථාපිත කිරීමට ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාව බව සඳහන්කර තිබේ. ධීවර හා ජලජ සම්පත් ව්‍යාපෘති ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙහි මාර්ග සිතියමෙහි ද ඇති අතර මොහොටිටාල මහතා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘති උතුරු, නැගෙනහිර සහ වයඹදිග වෙරළ තීරයන්හි ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරඇති බවයි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න