ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් තෙවැනි සංවත්සරය සමරයි | දිනමිණ

ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් තෙවැනි සංවත්සරය සමරයි

කෝවිඩ් 19 ගෝලීය වසංගතය හේතුකොටගෙන ඇතිවු නව වාතාවරණයට මුහුණදීමට ශ්‍රී ලාංකීය ව්‍යාපාර ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සහතික කරලීමට අමතරව, ව්‍යාපාර නව්‍යකරණය හා සේවා ස්ථාන සහමුලින්ම පරිවර්තනයක් කළ යුතු බව work.lk, jobpal.lk සහ rubik.lk නිර්මාතෘ අංජන රත්නායක මහතා පවසා සිටී.

“කෝවිඩ් 19 ගෝලීය වසංගතය විධිමත් හා අවිධිමත් සේවකයන් බිලියන ගණනකට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කර ඇත. පූර්ව අර්බුද මට්ටම්, එනම් 2019 සිවු වන කාර්තුව හා සසඳන විට, කෝවිඩ් 19 ගෝලීය වසංගතය හේතුකොටගෙන ලෝකයේ රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 10.5කගේ රැකියා අහිමිවීමක් අනුමාන කරන අතර, ඒ් අනුව මිලියන 305කගේ පූර්ණ කාලීන රැකියා අහිමිවීමට ඉඩ කඩ ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් 14 ගුණයක් වන අතර, එය ලොව පුරා අගුලු දැමීමේ පියවරයන් දීර්ඝ කිරීමේ හා ඇඳීරි නීතිය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මුල් ප්‍රක්ෂේපනවලට වඩා ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකා රජයේ දුර දක්නා බව කරණ කොටගෙන ශ්‍රී ලංකාව මේ දක්වා ආරක්ෂිතව පැවතුනද, කොවිඩ් 19 විසින් බිහි කරන ලද ‘නව සාමාන්‍ය තත්ත්වයන්ට’ (New Normal) අප කැමති වුවත් නැතත් හැඩගැසිය යුතුයි,” යැයි සිය තෙවැනි සංවත්සරය පසුගිය දා සමරනු ලැබූ ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රත්නායක මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න