ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව විස්ස පස්සෙ දුවනවා | දිනමිණ

ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව විස්ස පස්සෙ දුවනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට තම අභිමතාර්ථ ඉටු කර ගැනීමේ අරමුණින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යන 20 වැනි සංශෝධනය පිටුපස ආණ්ඩුව දිව යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. පසුගිය සැප්තැම්බර් 27 වැනිදා පොලොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාසවල විහාරස්ථාන, දේවස්ථාන කෝවිල්වලට ගිය සජිත් ප්‍රේමදාස මහතා එහිදී ආගමික වතාවත්වලට එක්වීමෙන් පසුව සමs ජනබලව්ගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ මෙසේද කීය.ජනතාව මුහුණ දෙන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, දේශපාලනික,පරිසර සෑම ප්‍රශ්නයක් වෙනුවෙන්ම වි‍පක්ෂය ප්‍රබල සටනක් ගෙන යනවා.

සමඟි ජනබලවේගය සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කර ගැනීමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙළට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව දැන් එක් වී සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ද කීය. පොල් ගන්න ටේප් එකක් අරන් යන්න වෙලා තියෙන්නේ. වර්තමාන ආණ්ඩුවට මේ තරම් විශාල ජනවරමක් ලැබිලත් විහිළු වැඩ කරමින් සිටිනවා. දැන් ජනතාවට පොල් ගෙඩිය මිල දී ගන්න ටේප් පටියක් ගෙන පොළට යන්න වෙලා . මේ ආණ්ඩුව පොල් මිල දී ගැනීමට අමුතුම රෙගුලාසි ඉදිරිපත් කර පොල් ගෙඩියේ වට ප්‍රමාණය 13ට වැඩි නම් හැත්තෑවයි. 12,13 අතර නම් 65යි. ඊට අඩුනම් හැටයි. තුනෙන් දෙකක බලයක් ගත් වත්මන් ආණ්ඩුව ජීවන වියදම පහළ දමනවා කියා දැන් ජනතාව රවටනවා. දැන් ජනතාවට යන එන මං නැති තත්ත්වයක් උදාවෙලා තියෙන්නේයැයි කීය.

පොලොන්නරුව දිසා සමූහ -

ඇම්.පී. සරත්

නව අදහස දක්වන්න