චීනයේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

චීනයේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

චීන - ශ්‍රී ලංකා පාසල් ළමයින් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැරඹු අයුරු. ඡායාරූපය- වාසිත පටබැඳිගේ

ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි.

චිං රාජ වංශය බිදවැටීමත්, වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහිකිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් 01 වැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.

චීන රජය සංවිධානය කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය ද අගමැතිවරයා අතින් මෙහිදී සිදුවිය.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, වැඩබලන ශ්‍රී ලංකා චීන තානාපති හූ වෙයි, ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජෙනත් ද සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න