තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා | දිනමිණ

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා

තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාත්මක කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු මැතිවරණයේත් සෑම වේදිකාවකම එකලෙස කතා කළ සටන් පාඨයක් ලෙස දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නියත ලෙසම අහෝසි කරන බවද අමාත්‍යවරයා කීවේය.

මැතිවරණ වේදිකාවල පැවසූ පොරොන්දු ඉටු කිරීමට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබෙන බවත් ඒ අනුව මේ වනවිට එම පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේය.

ඒ අනුව දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වූ තොරතුරු දැන ගැනීමේ පනත ගුණාත්මක කරුණක් ලෙස සලකමින් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරගත් බවද ඒ මහතා අවධාරණය කළේය.

තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි සංශෝධනයට ද ඇතුළත් කරමින් මේ පනත තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ප්‍රගතිශීලි පියවරක් බවද අමාත්‍යවරයා කීය.

තොරතුරු දැන ගැනීමේ ජගත් දිනය වෙනුවෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීන්ගේ සංවිධානය සව්සිරිපායෙහි පැවැත් වූ විද්වත් සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න