අමෙරිකා ජනාධිපතිවරණ පළමු විවාදය දැඩි ගැටුම් මැද | දිනමිණ

අමෙරිකා ජනාධිපතිවරණ පළමු විවාදය දැඩි ගැටුම් මැද

අමෙරිකා ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයන් දෙදෙනා අතර පළමු විවාදය අද පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය පැවැත්වුනි.
 
එය මෑත ඉතිහාසයේ අමෙරිකාවේ පැවැති ඉතා ගැටුම්කාරී ජනාධිපතිවරණ විවාදය ලෙස හඳුන්වා දී ඇත. 
 
ඔහායෝ ප්‍රාන්තයේ ක්ලෙවුලන්ඩ් ප්‍රදේශයේ ශාලාවක විවාදය පැවැත්වුණි. සැම විටම අපේක්‍ෂකයන් දෙනා එකිනෙකා අභිබවා කථා කිරීමට උත්සාක කර ඇත. ජනාධිපති ට්‍රම්ප්, ප්‍රතිවාදී අපේක්‍ෂක ජෝ බයිඩන්ට අවස්ථා 73කදී බාධා කර ඇතැයි සදහන් වේ.
 
බයිඩන් එක් අවස්ථාවක ට්‍රම්ප්ට නිහඬවන ලෙසද දැනුම් දී ඇත. එසේම තවත් අවස්ථාවක 'විකටයා' යනුවෙන් ද අමතා තිබේ. 
 
කෙසේ නමුත් මෙම විවාදය මෙහෙයවූ ෆොක්ස් රූපවාහිනියේ නිවේදක ක්‍රිස් වොලස්, අපේක්‍ෂකයන් දෙදෙනා පාලනය කිරීමට අසමත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ දැඩි විවේචන එල්ල වී ඇත.  
 

නව අදහස දක්වන්න