පූනම්ට මංගල සීනු | දිනමිණ

පූනම්ට මංගල සීනු

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගත්තොත් තමන් උපන් ඇඳුමින් සිටින බවට 2011 වසරේදී ප්‍රකාශයක් කළ පූනම් පාණ්ඩේට, ජනතා විරෝධය නිසා සමාජය ඉදිරියේ නිරුවත් වීමට ඉඩ නොලැබිණි. ඒත් ඇය, සමාජ වෙබ් අඩවි ඔස්සේ සිය අඩ නිරුවත් රුව පෙන්වමින් ඒ ආශාව ඉටු කර ගත්තාය. 2013 වසරේ ‘නාශා‘ සිනමා පටයෙන් බොලිවුඩයට පිවිසි ඇය තවමත් රඟපා ඇත්තේ සිනමා පට පහක පමණි. පූනම් අවසන් වරට රසිකයන් තිරයෙන් දැක්කේ 2018 දී තිරගතවූ ‘ද ජර්නි ඔෆ් කර්ම‘ සිනමා පටයෙනි. විසිනව හැවිරිදි පූනම්, සිය දිගු කාලීන පෙම්වතා වූ සෑම් බොම්බේ සමඟ සැප්තැම්බර් 11 වැනි දින විවාහ වූවාය.

මංගල ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවිවලට ඇය යොමු කර තිබු‍ණේ "ඔබ සමඟ ආත්ම හතක් යෑමට බලා සිටිනවා" යන වදන් පෙළ සටහන් කරමිනි.

නව අදහස දක්වන්න