LPL සඳහා ක්‍රීඩක කණ්ඩායම් තෝරා ගනියි | දිනමිණ

LPL සඳහා ක්‍රීඩක කණ්ඩායම් තෝරා ගනියි

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ (19)  රාත‍්‍රියේදී සිදු කෙරිණි.
  වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ක්‍රියාවලිය සිදුවිය.
 
මේ සදහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නියෝජිතයින් එක් විය. අනුව පළමුව  ලංකා ප‍්‍රිමියර් ලිග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සදහා ප‍්‍රධාන ක‍්‍රීඩකයින් පස්දෙනා තෝරා ගැනීම සිදුවිය. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, දසුන් ශානක සහ තිසර පෙරේරායි යන ක‍්‍රීඩකයින් මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලයේ ප‍්‍රධාන ක‍්‍රිඩකයින් ලෙස තෝරා ගැනුණි
 
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, කලම්බෝ ලයන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එම කණ්ඩායමට කොදෙව් ක‍්‍රිඩක අන්ද්‍රෙ රසල් සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් ,ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්,   දුෂ්මන්ත චමීර ද ඇතුළත්ය.
 
ලසිත් මාලිංග, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර සහීඞ් අෆ්රිඩි ,මොහොමඞ් අමීර් ,ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, සහ ෂෙහාන් ජයසූරියද එම කණ්ඩායමට ඇතුළත්ය
 
දසුන් ශානක, දඹුල්ල හෝව්ක්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර එම කණ්ඩායමට ඬේවිඞ් මිලර්, කාර්ලොස් බ‍්‍රාත්වෙයිට්ද , නිරෝෂන් දික්වැල්ල,  ඕෂධ ප‍්‍රනාන්දු, උපුල් තරංග සහ ඇන්ජලෝ පෙරේරා ඇතුළත්ව සිටිති.
 
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායමට ක‍්‍රිස්ගේල්, ලියම් ප්ලන්කට්, සහ වහාබ් රියාස් ද , කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, සීක්කුගේ ප‍්‍රසන්න, ඩිල්රුවන් පෙරේරා, කමිදු මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණියද එම කණ්ඩායමට ඇතුළත්ය
 
තිසර පෙරේරා, ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ෂොයිබ් මලික්, අසිෆ් අලි , වනිදු හසරංග, ධනංජය ද සිල්වා, මිනෝද් භානුක, චතුරංගද සිල්වා, චරිත් අසලංක, සුරංග ලක්මාල් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ද එම කණ්ඩායමට ඇතුළත්ය
 
ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 21 වනදා ආරම්භ වන අතර තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ සහ හම්බන්තොටදිය
 

නව අදහස දක්වන්න