යාපනයේ අඩු ආදායම්ලාභීන්ට ස්ථිර නිවාස | දිනමිණ

යාපනයේ අඩු ආදායම්ලාභීන්ට ස්ථිර නිවාස

යාපනයේ යුද හමුදා සේනාංක විසින් පළාතේ අඩු ආදායම්ලාභීන්ට ස්ථිර නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ඉදි කළ තවත් නිවාස තුනක් ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීම යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහතා අතින් (19) සිදු විණි.

යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේ පදිංචි මංජුලා ඥාණේස්වරන් නමැති කාන්තාවට හිමි වූ නිවස 7 වන ගජබා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඉදි වූ අතර අල්වායි ප්‍රදේශයේ පදිංචි කෙනිස්ටියා සුදාකර් හා වල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි ශිවරන්ජන් නන්දනී යන දෙදෙනාගේ නිවාස 4 වැනි සිංහ රෙජිමේන්තුවේ හා 16 වන ස්වේච්ඡා පාබල හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කොට තිබේ.

මෙම නිවාස තුන ඉදි කිරීම සඳහා යුද හමුදාවට මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ දානපති කුමාර වීරසූරිය මහතා සහ ඔහුගේ හිතවතුන් පිරිසක් විසිනි.

 

 රසුල දිල්හාර ගමගේ - උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න